කුසල්ගේ ශතකයත් සමග ශ්‍රී ලංකා ඉනිම 311කට නිමා වෙයි

කුසල්ගේ ශතකයත් සමග ශ්‍රී ලංකා ඉනිම 311කට නිමා වෙයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ අද(28) දඹුල්ලේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.5කදී සියලුදෙනා දැවී ලකුණු 311ක් ලබා ගැනීමට සමත් විය.

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් සිය පළමු එක්දින ශතයක අද ලබා ගැනීමට සමත් විය. පන්දු 107කට මුහුණ දුන් කුසල් මෙන්ඩිල් හතරේ පහර 9ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 102ක් ලබා ගැනීමට සමත් විය. කුසල් මෙන්ඩිස් හා නායක උපුල් තරංග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය. උපුල් තරංග පන්දු 76කදී හතරේ පහර 9ක් සමගින් ලකුණු 65ක් රැස් කිරීමට සමත් වූ අතර අසේල ගුණරත්න ලකුණු 39ක් හා මිලින්ද සිරිවර්ධන ලකුණු 30ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 212කට  කඩුලු 3ක් දැවී ප්‍රබල තත්වයක සිටී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු කිහිපය ඉතා ඉක්මනින් දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ට හැකි වූ අතර බංග්ලාදේශ කණ්ඩායමේ ටස්කින් අහමඩ් අද කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn