සරසවි සිසුන් බඳවා ගැනීම ඉහළ දමන ලෙසත් පුරප්පාඩු සඳහා සිසුන් වහාම බඳවා ගන්නා ලෙසත් බලකරමින් අද (28) අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
මෙම විරෝධතාවය සඳහා අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය, වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව නියෝජනය කරමින් සරසවි සිසුන් එක්ව සිටියහ.
අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ 2015/2016 අධ්‍යන වර්ෂ සඳහා මේ වනවිට පුරප්පාඩු 1269ක් පවතින බවත් සයිටම් හොර උපාධි කඩයේ සිසුන් වෙනුවෙන් කතා කරන ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ පුරප්පාඩු පවත්වා ගනිමින් සිසුන් බඳවා ගැනීම කප්පාදු කරමින් සිටින බවයි.
3










