2016 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) දිනයේදී නිකුත් කෙරුණු අතර මෙවර දිවයිනේ වැඩිම ලකුණු ලබා ගනිමින් ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන අනුකි චමත්කා ශිෂ්‍යාවයි.
දෙවන ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සමිඳු මංතිලිණි මුණසිංහ ශිෂ්‍යාව විසින් හිමිකර ගෙන ඇති අතර තෙවැනි ස්ථානය ආනන්ද විද්‍යාලයේ සුගත් සනිඳු සන්වරටත් මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධ මිරිස්සගේ යන ශිෂ්‍යයින් දෙදෙනාටත් හිමිව තිබේ.
මෙවර සාපෙළ විභාගයේ පළමු ස්ථානය දිනාගත් කොළඹ විශාකා විද්‍යාලයේ අනුකි චමත්කා ශිෂ්‍යාවගේ මව හා පියා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් බව වාර්තා වේ.
2










