පළාත් පාලන ඡන්දය මේ වසරේදී – ජනාධිපති

පළාත් පාලන ඡන්දය මේ වසරේදී – ජනාධිපති

මේ වසරේදී පළාත් සභා තුනක සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ. මෙම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් කරවීම සඳහා ඉදිරියේදී නව සංවිධායකයින් පත් කිරීමේ සූදානමක් තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

ශ්‍රීලංකා නිදහස් පක්ෂ පළාත් සභා ඇමතිවරුන් හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවක් අතර ජනාධිපතිවරයා මෙසේ පැවසූ බව උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

Facebook
Twitter
LinkedIn