අල්ලස් නඩුවට විමල් නොඑයි – බන්ධනාගාර නිලධාරීන්ගෙන් වාර්තාවක්

අල්ලස් නඩුවට විමල් නොඑයි – බන්ධනාගාර නිලධාරීන්ගෙන් වාර්තාවක්

පසුගිය 2010 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණය ව්‍යාපාරයට එක්කරගැනීමට සඳහා තමන්ට රුපියල් ලක්ෂ 42ක මුදල් අල්ලසක් දුන්නැයි මහින්ද රාජපක්ෂ පාර්ෂවයේ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් සිදු කළ පැමිණිල්ලකට අදාළව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී එහි සාක්ෂීකරුවෙකු වන විමල් වීරවංස මහතා අද (27) අධිකරණය හමුවේ පෙනී සිට නැත.

රජයේ වාහන 40ක් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී උපවාසයක නිරතවීම නිසා මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින බැවින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බව බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා අද මහාධිකරණයට දැනුම් දී තිබේ.

මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා හමුවේ මෙම නඩුව කැඳවූ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව මින් නඩු පවරා ඇත.

විමල් වීරංවස මහතා මෙහි 18වන සාක්ෂිකරුවා ය. මෙහි අනෙක් සාක්ෂිකරුවන් සියළුම දෙනා ම අද අධිකරණයට පැමිණ සිට ඇත.

Facebook
Twitter
LinkedIn