ජර්මනියට එරෙහිව ට්‍රම්ප්ගෙන් දැඩි වාග් ප්‍රහාරයක්

ජර්මනියට එරෙහිව ට්‍රම්ප්ගෙන් දැඩි වාග් ප්‍රහාරයක්

ජර්මනියට එරෙහිව දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරමින් පසුගය සෙනසුරාදා දිනදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් පවසා ඇත්තේ අදික වියදමක් දරමින් ඇමෙරිකව සහ නේටෝ සංවිධානය ජර්මණියට සපයන දැඩි ආරක්ෂාව පිළිබඳව සළකනවිට ජර්මනිය ඊට සාපේක්ෂව විශාල වියදමක් දැරීමට සූදානම් විය යුතු බව යැයි මාධ්‍ය වාර්තා කර ඇත.

ට්‍රම්ප්ගේ මෙම නවතම ට්වීටර් ප්‍රහාරය සිදුවී ඇත්තේ ජර්මන් චාන්සරලර් ඇන්ජෙලා මර්කල් සමග වොෂින්ටන්යේදී පැවති සාකච්ඡා වටයකින් පසුව වීම විශේෂත්වයක් වී ඇති අතර දෙරට මුහුණ දී ඇති ප්‍රශ්න පිළිබඳව පැවති සාකච්ඡා එතරම් සුභවාදී අයුරින් සිදුවී නැති බව පෙන්නුම් කරන බවද ප්‍රකාශ වී ඇත.

ට්‍රම්ප්ගේ ස්ථාවරයට එරෙහිව නේටෝ සංවිධානය නියෝජනය කළ හිටපු ඇමරිකානු තානාපති ඉවෝ ඩැල්බර් ට්වීටර් පණිව්ඩයක් හරහා පවසා ඇත්තේ “සමාවෙන්න ජනාධිපති තුමෙනි නේටෝ සංවිධානයේ ක්‍රියාකාරිත්වය එලෙස සිදු නොවේ”ය යන්න බවත් ප්‍රකාශ වී ඇති අතර වැඩිදුරටත් පවසා ඇත්තේ මෙය මූල්‍යමය ගනුදෙනුවක් නොවන බවත් ආරක්ෂාව සැපයීම වෙනුවෙන් නේටෝ රටවල් ඇමෙරිකාවට මුදල් ගෙවන ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බවත් ආරක්ෂ කටයුතු ක්‍රියාත්මක වන්නේ නේටෝ සංවිධානයේ ගිවිසුම් ගත ක්‍රියාවලිය අනුව යන්නත් බව ප්‍රකාශ වී ඇත.

Facebook
Twitter
LinkedIn