කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි

කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි

මහ බැංකු පොලී අනුපාතය වැඩි කිරීමට ගෙන ඇති තීරණය නිසා කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට ඇති මුදල් බැංකුවල තැන්පත් කිරීම ගනුදෙනුකරවන් පෙළඹීම නිසා කොටස් වෙළෙඳපොළ අස්ථාවර තත්ත්වයකට පත්වන බව වාර්තා වේ.

මේ තත්ත්වය තුළ රජය මුදල් ලබාගැනීමට පෙළඹෙන නිසා ණය වැඩිවීමෙන් ණය පියවා ගැනීම සඳහා භාණ්ඩ මිල වැඩිවනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ ප්‍රකාශකරති.

මහ බැංකුව දෙන ණය සඳහා දැනට අයකරන පොලිය 8.5% වැඩිවීමට ඉඩ තිබෙන බවත් මුදල් ඇති අය වැඩි පොලී ලබාගැනීමට විවිධ ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීම වෙනුවට බැංකුවල මුදල් තැන්පත් කිරීමට පියවර ගැනීම වැඩිවනු ඇතැයිද ඔවූහු ප්‍රකාශ කරති.

මෙම පොලී අනුපාතය වැඩි කිරීම සිකුරාදා සිට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර හෙට (24) පැවැත්වෙන මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විමසීමෙන් පසු පොලී අනුපාතය වැඩි කිරීමේ තීරණයට එළැඹෙනු ඇති බවත් ආර්ථික විශේෂඥයෝ පවසති.

Facebook
Twitter
LinkedIn