එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය යන රටවල් හතරෙන් සමන්විත වූ මහා බ්‍රිතාන්‍ය මේ වනවිට දෙකඩ විමේ තර්ජනයකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2014 වසරේදී බ්‍රිතාන්‍යයෙන් වෙන්වීමේ අරමුණෙන් ස්කොට්ලන්තයේ පැවති ජනමත විමර්ෂණයන් තුළ වෙන් නොවියයුතු බවට ලැබුණු 55%ක ඡන්ද ප්‍රතිශතයෙන් වෙන්වීමේ උත්සාහය පරාජය වුවද බ්‍රෙක්සීට් පනත ජයගැනීම තුළ නැවතත් ස්කොට්ලන්තය වෙන්වයාමේ ප්‍රයත්නයක නියැලෙමින් සිටන බවද එමා වාර්තා සඳහන් කරයි.
බ්‍රෙක්සීට් පනතට එරෙහිව ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යයෙන් 62%ක ප්‍රමාණයක් ඡන්දය ලබා දී ඇති අතර මෙම වාතාවරණය තුළ ස්කොට්ලන්ත ආණ්ඩුවේ ප්‍රධානියා හෙවත් පළමු ඇමතිවරිය වන නිකොලා සිවරිජන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ නැවතත් වෙන්වීමේ දිශාවට ගමන් කරමින් ඇති බවය.
ස්කොට්ලන්තයේ ආර්ථික අවශ්‍යතාවයන් වුවත් සාර්ථකව ඉටු කර ගත් හැක්කේ යුරෝපා සංගමය තුළින් බව පවසා ඇති ඇය ජනමත විචාරණයන් තුළ බ්‍රිතානයෙන් වෙන්වීමේ සූදානමක පසුවන බවද සඳහන් කර ඇත.











