මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මගින් කල්කුඩා ප‍්‍රදේශයේ මත්පැන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
මෙය ආරම්භ කළහොත් ආණ්ඩුවේ විවිධ අත්තනෝමතික තීරණ හේතුවෙන් මේ වනවිටත් පීඩාවට පත්ව සිටින යාපනයේ තල් අරක්කු කර්මාන්තයේ නියුතු ජනතාවගේ ජීවනෝපායට දැවැන්ත පහරක් එල්ල වන බවත් ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
බැඳුම්කර වංචාවට අදාළව මේ වනවිටත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන අතර මීට පෙර පැවති කෝප් කමිටුවේ විමර්ශනයෙන් පැහැදිළිවම අනාවරණය වී ඇත්තේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේද මැදිහත්වීම මත මෙහි බරපතල වංචාවක් සිදුව ඇති බවය.
එවන් වටපිටාවක් තුළ ආණ්ඩුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට බදු සහනද ලබා දෙමින් ව්‍යාපාර පවත්වාගෙන යාමට අවසර ලබාදීමට කටයුතු කරමින් සිටියි.
ජනතා මුදල් වංචණික ලෙස යොදාගනිමින් තම ව්‍යාපාර ලාභ ලබන තත්වයට පත්කරගත් කූඨ සමාගම්වලට එරෙහිව නීතිය මගින් කටයුතු කර එම මුදල් ආපසු අයකරගැනීමට කටයුතු නොකර මෙලෙස බදු සහන ලබාදෙමින් රට තුළ තව තවත් ව්‍යාපාර පවත්වාගෙන යාමට අවස්ථාව සලසාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටීමට එරෙහිව රටේ සියළුම ජනතාව නැගී සිටිය යුතු කාලය පැමිණ ඇතැයි දුෂණ විරෝදී සංවිධාන අවධාරණය කරයි.










