අධිකරණය මගහැරිය බටගොඩට වරෙන්තු

අධිකරණය මගහැරිය බටගොඩට වරෙන්තු

හිටපු ඇමැති සරණ ගුණවර්ධනගේ නඩුවේ සාක්කිකරු වු විදුලි බල අමත්‍යංශයේ හිටපු ලේකම් බී.එම්.එස්. බටගොඩ මහතා අධිකරණයේ පෙනී නොසිටි බැවින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඔහුට වරෙන්තු නිකුත් කර තිබේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටිමින් වර්ෂ දෙකකට අදාළ සිය වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්  සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩු පවරා ඇත.

මෙම නඩුව ලබන ජූලි 6 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn