මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙක් හිටිහැටියේ මියයයි

මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙක් හිටිහැටියේ මියයයි

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු අද (21) හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගීවෙමින් සිටියදී ඇති වී තිබෙන හදිසි රෝගයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට අැතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොලිස් සැරයන් සෙනරත් පතිරන්නැහිලාගේ සුමිත් සෙනෙවිරත්න නැමැත්තෙකි.

අදාළ ප්‍රවීණතා පරීක්ෂණය සඳහා පෙනීසිටීමට අවශය වෛද්‍ය නිර්දේශයද ඒ මහතා ලබා සිටී බව පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn