මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් පැවැත්වෙන විරෝධතා මේ වනවිට උත්සන්න වෙමින් ඇති අතර එම විරෝධතාවලට සමගාමීව මොරටු මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ නවමු ආකාරයක විරෝධතාවයක් මේ මොහොතේ කොළඹ කොටුව දුම්රිපොළ ඉදිරිපිටදී පැවැත්වේ.
සයිටම් සටනට මෙවැනි අංග එකතුකරමින් විරෝධතා දැක්වීමට කටයුතු කරන්නේ ඇයිදැයි මොරටුව මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දසුන් උදාර විජේසේකර මහතාගේ සිදු කළ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ සයිටම් අර්බුදය විසඳා විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු සිදුකරගෙන යෑමට අවශ්‍ය පසුබිම සැකසීමටත් නිදහස් අධ්‍යාපන ආරක්ෂා කිරීමටත් කටයුතු නොකර කල්මරමින් සිටින ආණ්ඩුවට එරෙහිව ජනතාවගේ අවධානය යොමුකරවමින් සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමේ සටන තීව්‍ර කිරිමට මෙවැනි අංග එකතු කරගත් බවය.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීමට මුදල් වියදම් නොකර, ආණ්ඩුව සිදු කරන වංචා, දූෂණ සහ නාස්තිය ගැන ඔවුන් ඉතා නිර්මාණශීලීව ප්‍රශ්න කරන අතර මුදලට උපාධිය ලබාගැනීමට හැකිවන අයුරින් පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ ආධ්‍යපනය ලැබිමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට යැයි ආණ්ඩුව පවසන කරුණ මුළුමනින්ම අසත්‍ය බවත් අධ්‍යාපනය සහ සෞඛ්‍ය වාණිජ භාණ්ඩ බවට පත්කිරීමට ආණ්ඩුව දරණ උත්සාහයත් ඔවුන් ඉතා නිර්මාණශීලීව ජනතාවට පැහැදිලි කරමින් සිටිති.
මොරටුව මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දසුන් උදාර අදහද් දක්වමින්
















