රජයේ වාහන 40ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා කොළඹ මහාධිකරණයට ගොනු කළ ප්‍රතිශෝදන ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (21) නියෝග කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය වීරවංස මහතාට ලබාදුන් රක්ෂිත බන්ධනාගාර නියෝගයට එරෙහිව මෙම ඇප අයදුම්පත ගොනු කැරිණි.
පොදු දේපල පනත යටතේ රුපියල් 25,000ට වැඩි අවභාවිතාවක් සිදු කර ඇති අවස්ථාවලදී මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ලබාදිය හැක්කේ සුවිශේෂි කරුණු යටතේ පමණක් බැවින් මෙලෙස මහාධිකරණය හමුවේ ඇප අයදුම්පතක් ගොනු කළ නමුත් සුවිශේෂි කරුණු නොමැති බැවින් ඇප ලබා නොදීමට කොටුව මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය නිවැරදි බවද විනිසුරුවරයා අද ප්‍රකාශ කර ඇත.
2










