මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (20) රාත්‍රියේ අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ මණ්ඩලයේ කෝප්‍රල්වරයා මාර්තු 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කර තිබේ.
මේ අතර මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හමුදා නිලධාරීන් ලබන 03 වැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
5










