SBගේ SAITM ගැසට් එකේ පරහක්

SBගේ SAITM ගැසට් එකේ පරහක්

“සයිටම්” ආයතනයට උපාධි ප්‍රදානය කිරීමට බලය දුන් ගැසට් පත්‍රයට එකඟතාව පළකර ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 4දෙනකු පමණක් බව හෙළිදරව් වී තිබේ.

පසුගිය 2011 අගෝස්තු 30 වැනි දින එවකට උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක විසින් “සයිටම්” උපාධි ප්‍රදානය කිරීමේ බලය ඇතුළත්ව 17/21/19 ගැසට් පත්‍රය පිළිබඳ සෙවීමට 08 දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර එම 08 දෙනා අතරට 04දෙනකු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත්, තිදෙනකු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් හා එක්අයෙක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් නියෝජනය වන පරිදි පත්කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

එම ගැසට් නිවේදනයට දෙදෙනකුගේ නම් ඇතුළත් කර තිබුණත් ඔවුන් ඊට එකඟ වී නොමැති බවත් සාමාජිකයන් දෙදෙනකුට ඒ පිළිබඳ දන්වා නැති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

තවදුරටත් හෙළිදරව් වන කරුණු අනුව අදාළ ගැසට් නිවේදනයට අනුකූල උපාධි ප්‍රදානයේ අවසන් වාර්තාවේ අස්සන් රහිත වීමද අනාවරණය වී ඇත.

මේ වනවිට එයට එකඟවී ඇත්තේ ඉහත කී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සිවුදෙනා පමණක් බවත් අභියාචනාධිකරණයට ඉදිරිපත් වී ඇත්තේ එම සිවුදෙනාගේ එකඟතාවයෙන් යුත් ගැසට් පත්‍රය බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්