“එතෙර අපේ දරුවෝ” කුසලතා ඇගයීම දෙවන වරටත් ප්‍රංශයේදී

“එතෙර අපේ දරුවෝ” කුසලතා ඇගයීම දෙවන වරටත් ප්‍රංශයේදී

එතෙර අපි සංවිධානය විසින් දෙවන වරටත් ඉදිරිපත් කරනු ලබන “එතෙර අපේ දරුවෝ” කුසලතා ඇගයීමේ ප්‍රසංගය අප්‍රෙල් 02වනදා පස්වරු 3.00 සිට ප්‍රංශයේ පැරිස් නුවරදී පැවත්වීමට සියළු කටයුතු සූදානම් කොට ඇති බව එහි සංවිධායකයෝ පවසති​.

එහි කුසලතා ඇගයීම තරඟ විභාග පසුගිය 19 දින පැරීසියේදී පවත්වා ඇති අතර එය ත්‍යාග ප්‍රධානෝත්සවය සහ සංස්කෘතික ප්‍රසංගය ලෙස අදියර දෙකකින් පැවැත්වෙන බවද සංවිධායකයෝ පවසති.

ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ සිංහල භාෂා දැනුම සහ ඔවුන්ගේ ඇති කුසලතා වර්ධනය කරලමින් ජීවිතයට වැදගත් වන අත්දැකීම් ලබාදෙමින් නව අනාගත බලාපොරොත්තු ඇතිකරලීම ඒකායන අරමුණ කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් රචනා, කතික​, ගායනා සහ චිත්‍ර යන තරඟ මාධ්‍යයන් වයස් කාණ්ඩ හතරකින් පැවත්වෙන බවත් සංවිධායකයෝ පවසති.

නර්ථන සහ ගායනා අංග තුළින් සංස්කෘතික ප්‍රසංගය විචිත්‍රවත් කිරීමට ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ දායකත්වය ලැබෙන බවත් මෙම උත්සවය අවසානයේ එතෙර අපි සංවිධානයේ සමුළුව පැවත්වීමට නියමිත බවත් ඔවූහු අවධාරණය කරති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්