ලසන්ත ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ විශේෂ කණ්ඩායමක්

ලසන්ත ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ විශේෂ කණ්ඩායමක්

සන්ඩේ ලීඩර් පුවත්පතේ සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දැනුම් දී තිබේ.

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදිය සිදුකර ඇත්තේද මෙම විශේෂ කණ්ඩායම විසින් බවත් එකල මධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් ඇතුළු හිරිහැර බොහොමයක් එකිනෙකට සම්බන්ධ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත.

මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ මෙම කණ්ඩායම විසින් ජංගම දුරකථන සිම් කාඩ් පත් 5ක් භාවිතා කර ඇති බවත් මෙම සිදුවීම් හා සම්බන්ධ සියලු ඇමතුම් ලබාගෙන ඇත්තේ එම සිම් කාඩ් යෙදූ දුරකථනවලින් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන්ද ප්‍රකාශයක් ලබාගත් බවත් එවක කොළඹ හා තදාසන්න ප්‍රදේශ බාරව සිටියේ මේ වනවිට විශ්‍රාමික සුවයෙන් පසුවන මේජර් ජෙනරාල් අජිත් පෙරේරා බවත් ඔහු නිසි ලෙස රාජකාරි නොකළ බවත් ෆොන්සේකා මහතා ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත.

කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට ඇප ලබා සිටින බුද්ධි අංශ නිලධාරී ආනන්ද උදලාගමට සෑම මසකම අවසන් ඉරිදා පෙ.ව 9.00-12.00 දක්වා වන කාලය තුළ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිම් මහතා විසින් නියෝග කර තිබේ.

මෙම නඩුව නැවත ජූනි මස 19 වන දා විභාගයට ගැනීමට නියමිත ය.

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙම ඝාතනය සිදු වූ අතර එකළ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරනු ලැබුවේ ගෝඨාභය රාජපක් මහතා විසිනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්