ත්‍රීකුණාමලයෙන් ඩෙංගු රෝගීන් 2000ක් හමුවෙයි

ත්‍රීකුණාමලයෙන් ඩෙංගු රෝගීන් 2000ක් හමුවෙයි

කින්නියා ඇතුළු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2000ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මුතූර්, උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින්ද ඩෙංගු රෝගීන් වාර්තාවී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

මෙම වසරේ ගත වූ කාලය තුළ දිවයිනපුරා ඩෙංගු රෝගීන් 22,000කට අධික සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇත.

මේ අතර කින්නියා ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා නිලධාරීන් 40කට අධික සංඛ්‍යාවක් මෙන්ම කීට විද්‍යා නිලධාරීන්ද යොදවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

බස්නාහිර පළාතේ ඩෙංගු මර්දනයට පත් කළ නිලධාරීන් 100 දෙනෙකු කින්නියා ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා පිටත් කර හරින බවත් කල්මුණේ ප්‍රදේශයේ මදුරු කීටයන් සහිත ළිං 6000ක මදුරු කීටයන් විනාශ කිරීමට පියවර ගත් බවත් ඩෙංගු මරදණ වැඩසටහන්වල නිරත නිලධාරීහු පවසති.

මේ අතර ඩෙංගු රෝගය පැතිරයාම හේතුවෙන් වසා දැමුණු ත්‍රිකුණාමලය, කින්නියා අධ්‍යාපන කලාපයේ පාසල් 66ක් යළි විවෘත කිරීමට පියවර ගන්නා බවත් පාසල් වසා දැමුණු දින තුන වෙනුවෙන් සෙනසුරාදා දිනයන්හිදී ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙසට උපසේ දී ඇති බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ M.M. අහමඩ් ලෙබ්බේ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්