කඩුවෙල සන්ධාන මන්ත්‍රිගේ පාතාල සබඳකම් හෙළිවේ

කඩුවෙල සන්ධාන මන්ත්‍රිගේ පාතාල සබඳකම් හෙළිවේ

කළුතර, එතනමඬල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථ දෙකකට වෙඩි ප්‍රහාර එල්ල කොට පාතාල නායක ‘සමයං’ ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් කඩුවෙල මහ නගර සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රිවරයා සමඟ දුරකතන සංවාදයේ යෙදුණු පාතාල සාමාජිකයකු පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසය හෙළිදරව් කර ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු මෙම ප්‍රහාරය සැලැසුම් කළ බව කියන පාතාල නායක ‘අංගොඩ ලොක්කාගේ’ සමීපතම සගයකු බවටද විමර්ශන කණ්ඩායම් හෙළිකර ගෙන ඇති අතර මෙම වෙඩි ප්‍රහාරයට එම පාතාල කල්ලි සාමාජිකයාද පැමිණ ඇති බවටද අනාවරණය වී තිබේ.

වෙඩි ප්‍රහාරයට පෙර සහ වෙඩි ප්‍රහාරයට පසු කිහිප වතාවක්ම මෙම පාතාල කල්ලි සාමාජිකයා කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයා සමඟ දුරකතන සංවාදවල යෙදී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

හිටපු නාගරික මන්ත්‍රිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන අයකු බවද පැවසේ.

ඉකුත් 18 වැනි දින හිටපු නාගරික මන්ත්‍රිවරයාව අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමකින් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහු මුදාහැරීමටද කටයතු කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්