චේ හිටවපු මැහෝගනී ගස කපන්න හදලා

චේ හිටවපු මැහෝගනී ගස කපන්න හදලා

මොරගහහේන යහලකැලේවත්තේ වසර 58කට පෙර චේ ගුවේරා විසින් රෝපණය කරන ලද මැහෝගනි ගස ඇතුළු වටිනා දැව රහසිගතව කැපීමට සැලසුම් කළ දැව ජාවාරම්කරුවන් සිවු දෙනෙකු කළුතර දිසා අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොරගහහේන පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර ඒ වනවිටත් දැව ජාවාරම්කරවන් චේ ගුවේරා විසින් රෝපණය කරන ලද ගස ආසන්නයේ පිහිටි වටිනා ගස්‌ කපා දමා තිබූ බවත් ඔවුන් ස්‌වයංක්‍රීය කියත් හා උපකරණ උපයෝගී කරගෙන වටිනා ගස් රැසක් කපාදමා ඇති බවත් පොලීසිය පවසයි.

චේගුවේරා සිට වූ ගස කැපීමට පෙර එම පිරිස පොලිස්‌ අත්අඩංගුවට පත්වූ බවද පොලිසිය පවසයි.

1959 අගොස්තු 08 වැනිදා කියුබාවේ සිට පැමිණි චේ ගුවේරා විසින් මෙම වත්තට පැමිණ නවාතැන් ගෙන සිට මෙම මැහෝගනි ගස සිටුවා ඇති අතර සෑම වසරකම අගෝස්‌තු මස 8 වැනිදා කියුබානු තානාපතිවරයා පැමිණ මෙම ගස අසල මල් කලඹක් තබා චේ ගුවේරා සිහිපත් කරනු ලබයි.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය විසින් මෙහි ස්මාරකයක්ද ඉදිකර ඇති අතර සෑම වසරකම එහි චේ සැමරුම් උත්සවයක්ද පැවැත්වේ.

කපා හෙලන ලද මැහෝගනී ගස්‌වල වටිනාකම මෙතෙක්‌ තක්‌සේරු කර නැති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනා හොරණ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‌ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Image result for mahogany tree in sri lanka with che guevaraImage result for mahogany tree in sri lanka with che guevaraImage result for mahogany tree in sri lanka with che guevaraImage result for චේ ගුවේරා රෝපණය කළ මැහෝගනීImage result for චේ ගුවේරා රෝපණය

Facebook
Twitter
LinkedIn