තම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තිබූ පොල්අතු මඩුව කඩා බිඳ දමා ඇති බැවින් ප්‍රමාණවත් ගොඩනැගිලි ලබා දෙන්නැයි ඉල්ලමින් මහනුවර උඩුදුම්බර හපුකන්ද ප්‍රාථමික විදුහලේ සිසුන්ගේ දෙමවුපියෝ අද (18) දහවල් එම විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.
මෙම පාසලේ දරුවන් පොල්අතු මඩුවක අධ්‍යාපනය ලබන අයුරු ඡායාරූප සහිතව පුවත්පත්වල පළවීමත් සමග අධ්‍යාපන බලධාරින් එම පොල්අතු මඩුව ඉවත් කර ඇතැයි දෙමවුපියෝ චෝදනා කරති.
දරුවන් 70 කට අධ්‍යාපනය සඳහා ඇත්තේ එකම ගොඩනැගිල්ලක් බැවින් එය ඉඩ කඩ නොමැති නිසා ඉගෙනීමේ කටයුතුවලට පොල්අතු මඩුව ඉදිකර තිබු බවත් අධ්‍යාපන බලධාරීන්ගේ මෙම නොමනා ක්‍රියාව හේතුවෙන් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ඉදිකර තිබූ පොල්අතු මඩුවත් අවසානයේ අහිමි වූ බව මවුපියෝ පවසති.





1










