රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට විදේශීය අතපෙවීම් එපා…

රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට විදේශීය අතපෙවීම් එපා…

පසුගිය යුද සමයේ මානව හිමිකම් කඩවීමක් සිදුවී ඇත්නම් ඒ සඳහා පරීක්ෂණ අරඹා මෙරට අධිකරණ ක්‍රියාවලියකින් පමණක් දඬුවම් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ වව්නායාව ප්‍රදේශයේ ඊයේ (18) පැවති ජනහමුවකට සහභාගී වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ටිල්වින් සිල්වා මහතා… “මේ ආණ්ඩුව තුළ ඒකමිතියක් නැහැ. මේ ආණ්ඩුවේ දකුණු අත කරන දේ වම් අත දන්නේ නැහැ, වම් අත කරන දේ දකුණු අත දන්නේ නැහැ. දැන් මේ අපේ රටට නැති ප්‍රශ්නයක් ගෙනත් දාගෙන තියෙන්නේ. ඒ ප්‍රශ්නය ගෙනත් දාගත්තේ පහුගිය මහින්ද මහත්තයාගේ ආණ්ඩුව. ඒවා නොසලකා සිටීම නිසා ජාත්‍යන්තර ප්‍රජාවන්ට විශේෂයෙන්ම ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයට පුළුවන් වුණා මානව හිමිකම් ප්‍රශ්න පාවිච්චි කරලා ලංකාවට එරෙහිව යෝජනා සම්මත කර ගන්න.

ඒ නිසා ලංකාවට එරෙහිව මේ යෝජනාව සම්මත වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්න කාළේ එයාට මේක පරද්ද ගන්න බැරි වුනා. ඒ යෝජනා මත ඉඳන් තමයි දැන් ඒ ගොල්ලෝ අපිට බලපෑම් කරන්නේ. ඒ යෝජනාව තුළ තමයි තියෙන්නේ ලංකාවේ යුද අපරාධ සම්බන්ධ පරීක්ෂණයක් කරද්දි විදේශ විනිශ්චයකරුවන් ගැනීම කළ යුතුයි කියලා නිර්දේශයක්.

අපි ඉතා පැහැදිලිව කියන දේ තමයි ලංකාවේ මානව හිමිකම් කඩවී තිබෙනවා නම් ඒ සම්බන්ධව පරීක්ෂණ කළ යුතුව තිබෙනවා. හැබැයි ඒක කළ යුතුව තියෙන්නේ අපේ රටේ අධිකරණයකින් මිසක් විදේශ රටවලින් නෙවෙයි. මොකද විදේශ රටවල්වලට කිසිම අයිතියක් නැහැ අපේ රටේ ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න.

ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට විදේශ බලවේගයන්ට අතපොවන්න ඉඩකඩ සලසන එක වැරදියි.”

මෙම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන අරමුදලින් වව්නියාවේ වාරිකුට්ටූර් ගොවි සංවිධානයට සහ වාරිකුට්ටූර් ග්‍රාමසංවර්ධන සමිතියට පුටු බෙදීමක්ද සිදු කරන ලදී.

Image may contain: 3 people, people sitting and outdoorImage may contain: 4 people, people sitting, people on stage, child, tree and outdoor

Facebook
Twitter
LinkedIn