CIA සංවිධානය හොර රහසේ කළ වැඩ විකීලීක්ස් හෙළිකරයි

CIA සංවිධානය හොර රහසේ කළ වැඩ විකීලීක්ස් හෙළිකරයි

ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය හෙවත්  CIA සංවිධානය එරට පුරවැසියන්ගේ සන්නිවේදන මාර්ගවලට හොර රහසින් ඇතුළු වීමට යොදා ගනු ලැබූ මෙවලම් 8761ක ප්‍රමාණයක් හෙළිදරව් කිරීමට විකීලීක්ස් වෙබ් අඩවිය කටයුතු කර තිබේ.

මෙලෙස හෙළිදරව් කරනු ලැබූ උපකරණ ප්‍රමණය CIA සංවිධානය යොදාගන්නා සමස්ථ ප්‍රමණයෙන් 1% ප්‍රමාණයක් බවත්  අධි තාක්ෂණික මෙවලම්ද යොදා ගනිමින් හොර රහසේ ඇමෙරිකානුවන්ගේ දුරකතන මාර්ගවලට සවන් දීම CIA සංවිධානය සිදු කර ඇති බවයි.

විකීලීක්ස් සඳහන් කරන ආකාරයට මෙම උපකරණ හරහා ජංගම දුරකතනවල භාවිතා වන මෘදුකාංග වන වට්ස්ඇප්, වයිබර්, ක්ලොක් මෑන් වැනි අන්තර සන්නිවේදන ක්‍රමවලට මෙන්ම දැනට ලොව භාවිතා වන ස්මාර්ට් ෆෝන් වලින් 85% පමණ භාවිතා වන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයම් පද්ධතීන්ද මේ කටයුතු සඳහා යොදා ගෙන ඇති බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන ඇමෙරිකානු FBI ආයතනයේ ප්‍රධානී ජේමිස් කෝට් පවසන්නේ කිසිදු ඇමෙරිකානු පුරවැසියෙකුට නිරපේක්ෂ රහස්‍ය භාවයක් හිමි නැති බවයි.

ඇමෙරිකානු බුද්ධි අංශ පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිදු කරන මෙම ක්‍රියාකාරකම්වලට විරෝධය දක්වන මධ්‍යස්ථ නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ එක්සත් ජනපද ආරම්භක ව්‍යවස්ථාවේ සිව්වැනි සංශෝධනයට අනුව සෑම පුරවැසියෙකුටම අසාධාරණ සෝදිසි කිරීම්වලින් වැලකී සිටීමේ අයිතියක් ඇති අතර 1776 දී පනවනු ලැබූ නීතියක් මගින් සාධාරණ හා නීත්‍යානුකූල හේතුවක් නොමැතිව පෞද්ගලික  සන්නිවේදන ගැන ඔත්තු සෙවීමෙන් මිදී සිටීමේ අනුලංඝනීය අයිතියක් ලැබී ඇති බවයි.

Facebook
Twitter
LinkedIn