යේමනයේ සාගතයෙන් පෙළෙන ජනතාවට රුසියාවෙන් ආධාර

යේමනයේ සාගතයෙන් පෙළෙන ජනතාවට රුසියාවෙන් ආධාර

යේමන යුද්ධයෙන් අවතැන්ව සිටින සිවිල් වැසියන්ට රුසියානු මානුෂීය ආධාර ලබා දීමට එරට ක්‍රියාත්මක සහන කණ්ඩායමක් කටයුතු කර තිබේ.

යේමනයේ හූති කැරලිකරුවන් හා බලයෙන් පහ කරනු ලැබූ ජනාධිපතිවරයාට පක්ෂපාතී කණ්ඩායම් අතර ඇතිව තිබෙන යුද්ධය හේතුවෙන් අවතැන්ව සිටින යේමන සිවිල් වැසියන්ට මෙලෙස රුසියානු සහනාධාර  ලබා දී ඇත.

යේමන සිවිල් යුද්ධයෙන් මේ වනවිට මිලියන 18ක් පමණ සිවිල් වැසියන් අවතැන්ව සිටින බව පැවසෙන අතර ආහාර හා සෞඛ්‍ය පහසුකම් අහිමි වීම හේතුවෙන් බෝහෝ පිරිසක් ජීවිත අවධානමකට ලක්ව සිටින බව වාර්තා වේ.

රුසියානු මානුෂීය ආධාර යටතේ  මෙලෙස ලබා දුන් සහනාධාර අතර අත්‍යාවශ ආහාර, බෙහෙත් වර්ග, කූඩාරම් හා සනීපරාක්ෂක උපකරණද ඇතුළත් බව පැවසේ.

Facebook
Twitter
LinkedIn