පේරාදෙණිය විශ්වවිද්‍යාලය කරවිල ඇට භාවිත කරමින් සිදු කළ පර්යේෂණයකින් පිළිකා මර්දනය කළ හැකි ඖෂධයක් සොයාගෙන තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් කළ පරික්ෂණවලින් අනාවරණය වී ඇත්තේ පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව කරවිල ඇටවලට පවතින බව ය.
කරවිල ඇටවල ඇති ඇල්ෆා ස්ටියුරිට්ස් ෆැටි අසිඩි නැමති රසායනිකය හේතුවෙන් මෙසේ පිළිකා ශෛල විනාශ වන බවත් කරවිල ඇටලවින් එම රසායනිකය නිස්සාරණය කර බෙහෙත් කරලක් නිශ්පාදනය කර ඇති බවත් මහාචාර්යවරයා පවසයි.
කොපමණ උෂ්ණත්වයක් යටතේ වුවද කරවිල ඇටවල ඇති ඇල්ෆා ස්ටියුරිට්ස් ෆැටි අසිඩි නැමති රසායනිකය විනාශ නොබව බවත් කරවිල ඇට කබලක දමා බැද ආහාරයට ගැනීම වුවද යෝග්‍ය බවත් මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසයි.
මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් පිරිසකට මෙම ඖෂධය ලබා දීමෙන් පසු පිළිකා මර්දනය සඳහා මෙය සාර්ථක ඖෂධයක් බව මේ වනවිට පිළිගෙන ඇත.[embedyt] https://www.youtube.com/watch?v=bg-Nb0JBzI0[/embedyt]









