මහින්දානන්දට අධිචෝදනා දෙකක්

මහින්දානන්දට අධිචෝදනා දෙකක්

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්ද පිලේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා සහිත නඩු දෙකක් ගොනු කර තිබේ.

මුදල් විශුද්ධීකරණය හා විශ්වාසය කඩකිරීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව මෙසේ අධිචෝදනා ගොනු කර ඇත.

අයුතු දේපළ ඉපයීම, සාවද්‍ය මුදල් පරිහරණය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාහය විසින් සිදු කළ විමර්ශනවලට අදාළ වාර්තා නීතිපිතිවරයා වෙත යොමු කර තිබූ අතර ඒ අනුව මෙසේ ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.

Facebook
Twitter
LinkedIn