සෝමාලියානු කොල්ලකරුවෝ නෞකාව සහ කාර්යමණ්ඩලය මුදා හරිති

සෝමාලියානු කොල්ලකරුවෝ නෞකාව සහ කාර්යමණ්ඩලය මුදා හරිති

පසුගිය 13 වැනි දින ජිබූටි රාජ්‍යයේ සිට සෝමාලියාව වෙත ඉන්ධන රැගෙන යමින් තිබියදී සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ඒරිස් -13 නෞකාව හා එහි කාර්යමණ්ඩලය ලෙස කටයුතු කළ ශ්‍රී ලංකිකයින් අට දෙනා ඊයේ (16) රාත්‍රියේ මුදා හැර තිබේ.

කොල්ලකරුවන්ගෙන් මුදා ගත් නෞකාව මේ වනවිට සෝමාලියාවේ බොසාසෝ වරාය වෙත රැගෙන යෑමට කටයුතු කර ඇති බව පැවසෙන අතර ශ්‍රී ලාංකිකයින් අට දෙනා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ නෞකාව සෝමාලියාවේ අර්ධ රාජ්‍ය පාලන ප්‍රදේශයක් වන පුන්ට්ලන්හි අලූලා වරායට එපිටින් නැංගුරම් ලා තිබියදී එයට ප්‍රහාර එල්ල කිරීමට සෝමාලියානු ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. ඉන්ධන නෞකාවකට එලෙස ප්‍රහාර එල්ල කිරීමෙන් එහි සිටින පිරිසගේ ජීවිත අවධානමකට ලක්වන බැවින් කොල්ලකරුවන් සමග සාකච්ඡා මාර්ගයෙන් නෞකාව හා කාර්යමණ්ඩලය බේරා ගැනීමට කටයුතු කර තිබේ.

Facebook
Twitter
LinkedIn