අමරවීරගෙන් ධීවර කැබිනට් ඇමති ධූරය ගැලවෙයි

අමරවීරගෙන් ධීවර කැබිනට් ඇමති ධූරය ගැලවෙයි

ධීවර කැබිනට් අමාත්‍ය ධූරයේ වෙනසක් ඉදිරියේදී සිදු කිරීමට තමන්  සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) හම්බන්තොටදී ප්‍රකාශ කර ඇත.

වත්මන් ධීවර කැබිනට් අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ලබන්නේ මහින්ද අමරවීර මහතා වන අතර ඉදිරියේදී එම අමාත්‍ය ධූරය වෙනුවට වෙනත් අමාත්‍ය ධූරයක් ඔහුට ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

ධීවර කැබිනට් මහින්ද අමරවීම හා රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි ප්‍රසිද්ධියේ එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින් කටයුතු කරනු ලැබූ අතර දෙදෙනාම තංගල්ල ආසනයේ මන්ත්‍රීවරුන් වීම එම තත්වයට බලපා තිබේ.

 

හම්බන්තොට දිස්ත්‍රික්කයට ධීවර අමාත්‍ය ධූර තුනක් පවතින බවත් එම ඇමතිවරු තිදෙනාම තංගල්ල ආසනයේ බවත් තමන් දැනගත්තේ  අද දිනයේ බැවින් එය ඉදිරියේදී වෙනස් කළ යුතු බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවසා තිබේ.

Facebook
Twitter
LinkedIn