අප්‍රිකානු ජනතාව මහා ව්‍යවසනයක් අභියස!

අප්‍රිකානු ජනතාව මහා ව්‍යවසනයක් අභියස!

අප්‍රිකානු අර්ධද්වීපයට අයත්  සෝමාලියාව, දකුණු සූඩානය, නයිජීරියාව, ඉතියෝපියාව හා යේමනය වැනි රටවල් මුහුණ දී ඇති වහා සාගතයක් තුළ එම රටවල දෙකෝටියකට අධික ජනතාවක් ආහර හිඟය හේතුවෙන් මේ වනවිට ඉතාමත් අනතුරුදායක තත්වයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

අන්තාවාදී හා ගෝත්‍රික ගැටුම් උග්‍ර වීම හේතුවෙන් මෙම රටවල ජනතාව බහුතරයකට උන්හිටි තැන් අහිමිව ඇති අතර ලක්ෂ 14කට අධික කුඩා ළමුන් පිරිසක්ගේ ජීවිත අහිමිවීමේ අවදානමක් උද්ගතව ඇති බව එම රටවල ක්‍රියාත්මක සහන කණ්ඩායම් අනතුරු අඟවා තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටර්  ලෝක ආහාර වැඩසටහනේ සහ මානව සම්පත් පිළිබඳ ප්‍රධානී සමග පැවැති සාකච්ඡාවකින් පසුව මේ තොරතුරු අනාවරණය කර තිබේ. මෙම රටවල අත්‍යාවශ්‍ය සහන සේවා කටයුතු සඳහා ප්‍රමාණවත් අරමුදල් බලවත් රටවලින් තවමත් නොලැබී ඇති බවත් මෙම ජනතාවට අවශ්‍ය පහසුකම් සැපැයීමට ඩොලර් හාරසිය හතලිස් කෝටියක් ඇස්තමේන්තු කර ඇතත් මේ වනවිට ඉන් ලැබී ඇත්තේ ඩොලර් ලක්ෂ නවසියයක් පමණක් බවත් පැවසේ.

මෙම ස්ලාමීය රටවල අභ්‍යන්තර ඇති යුද ගැටුම් වර්ධනය වීමට මොහොමඩ් ගඩාෆි වැනි ස්ලාමීය නායකයින් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර වුවමනාව මත ඝාතනය කිරීම බලපා ඇති බවත් අස්ථාවර රාජ්‍යයන් බවට පත්ව ඇති මෙම රටවල  ත්‍රස්ත කල්ලි වේගයෙන් හිස එසවීමට පටන් ගෙන ඇති බවත් එම තත්වය තුළ සාමාන්‍ය ජනතාවගේ ජීවිත අවධානමකට ලක්ව ඇති බව අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn