චීනය ඇමෙරිකාවට අනතුරු අඟවයි!

චීනය ඇමෙරිකාවට අනතුරු අඟවයි!

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළඳ හා ආරක්ෂක ප්‍රතිපත්ති හේතුවෙන් දෙරටටම  අහිතරකර ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි චීන වෙළඳ ඇමති සොන් ෂැහැන් ප්‍රකාශ කර ඇත.

චීන වෙළඳ ඇමතිවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ වාර්ෂිකව පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයක් අතරතුරදී පුවත්පත් වාර්තාකරුවන් අමතමිනි. මාධ්‍යවේදීන් අමතමින් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාව ඇතුළු බටහිට බොහෝ පිරිසක් විශ්වාස කරනුයේ චීනයට ඇමෙරිකාවෙන් තොරව පැවැතිය නොහැකි බවයි. එය අර්ධ සත්‍යයක් බවත් ඇමෙරිකාවටද එය එලෙසින්ම වලංගු වන සත්‍යයක් බවයි.

ඇමෙරිකාවේ ප්‍රකෝටිපති අයෝජකයකු වන රෝස් මහතා ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයේ වෙළඳ ඇමතිවරයා ලෙස පත් කර සිටින අතර ඔහු ට්‍රම්ප්ගේ වෙළඳ ප්‍රතිපත්තිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සැරසේ. ජනාධිපතිවරණ සමයේදී ට්‍රම්ප් ප්‍රකාශ කර සිටී පරිදි ඇමෙරිකාවට අවාසි සහගත වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සැරසේ. ඇමෙරිකාවට අවාසි සහගත ලෙස චීනය හා ගිවිසුම්වලට එළඹ ඇති බවට ට්‍රම්ප් මැතිවරණ වේදිකාවලදී චීනයට දෝෂාරෝපණය කරනු ලැබීය.

චීනය හා ඇමෙරිකාව අතර ඇති වෙළඳ සබඳතා පිළිබඳව නැවත සලකා බැලීමට ඇමෙරිකාව සූදානම් වන බව වාර්තා වීමත් සමග චීනයද ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් වන අතර ඉන් ඇමෙරිකාවටද අහිතකර ප්‍රතිඵල අත්වනු ඇති බවට වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn