අයිතීන් උදෙසා කාන්තාවෝ යාපනයේදීත් කාන්තා දිනය සමරති

අයිතීන් උදෙසා කාන්තාවෝ යාපනයේදීත් කාන්තා දිනය සමරති

මාර්තු 08වනදාට යෙදී තිබූ 107වන කාන්තා දිනය වෙනුවෙන් “තොටිල්ල පදවන අත ලෝකය පාලනය කරයි” යන තේමාවෙන් පසුගිය 12වනදා යාපනයේ YMLAශාලාවේදී අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් කාන්තා දින වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

එහිදී අයිතීන් උදෙසා කාන්තොවෝ සංවිධානයේ සම සභාපතිනි සරෝජා පෝල්රාජ් මහත්මිය, යාපනය දිස්ත්‍රික් සංස්කෘතික කටයුතු නිලධාරී මාලනී ක්‍රිස්නානන්දන් මහත්මිය, සහ සිවිල් ක්‍රියාකාරිනී සරෝජා සිවචන්ද්‍රන් මහත්මිය දේශන පවත්වා තිබේ.

Facebook
Twitter
LinkedIn