වෛද්‍යවරු, වෛද්‍ය පීඨාධිපතිවරු, ආචාර්යවරු SAITM ගැන එක තීරණයක

වෛද්‍යවරු, වෛද්‍ය පීඨාධිපතිවරු, ආචාර්යවරු SAITM ගැන එක තීරණයක

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඊයේ (13) ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට පෙර එදිනම සියලුම වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු, සියලුම වෛද්‍ය පිඨ ආචාර්යවරුන්ගේ සංගම් සහ රජගේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රැස් වී සයිටම් අර්බුදය විසඳීමට අදාළව කරුණු පහක් සම්බන්ධයෙන් තීරණයකට පැමිණ තිබේ.

ඒ අනුව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී පත් කරන ලද පංච පුද්ගල කමිටුව ඇතුළු අනිත් අදාළ කමිටු පෙන්වා දුන් පරිදි SAITM ආයතනය නිත්‍යනුකුලව පිහිටුවා නැති බැවින්,

අ) තවදුයටත් සිසුන් බඳවා ගැනීම වහාම නතය කීරීම හා එම නතර කීිමට අදාළ නිත්‍යානුකුල ක්‍රමවේදය පිළිපැදීම.

ආ) SAITM ආයතනය මඟින් MBBSඋපාධි පිරිනැමීම වහාම නතර කීරීම.

2) දැනට පවත්වාගෙන යන වෛද්‍ය අධ්‍යාපනයට අදාළ අවම ප්‍රමිතියේ වලංගු භාවය නීතිය ඉදිරියේ තහවුරු කළ යුතු බව අභියාචනාධිකයණය පෙන්වා දෙන බැවින් වෙද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය හැකි ඉක්මනින් ගැසට් කර නීතිගත කිරීම.

3) වෛද්‍ය සභාව, SAITM ආයතනය සම්බන්ධයෙන් 2015.09.04 වන දින සෞඛ්‍ය විෂයභාර අමාත්‍යවරයාට ලබාදුන් තාක්ෂණික වාර්තාව, අභියාචනාධිකයණය පෙන්වා දෙන පරිදි නීතියෙන් බලාත්මක කර නැති බැවින්, එයට අදාළ නීතිමය වලංගු භාවය ලබාදීම සඳහා සෞඛ්‍ය විෂයභාර අමාත්‍යවරයා කටයුතු කිරීම.

4) උසස් අධ්‍යාපන විෂයභාර ආමාත්‍යවරයා SAITMආයතනය වෛද්‍ය සභාවේ අනුකුලතා සහතිකය මෙතෙක් ලබා නොමැති බව අධිකරණයට දැන්වීම.

5) SAITM ආයතනයේ වංචාවට අසුවී සිටින සිසුන්ට සාධාරණය ඉටු කරන ලෙස අදහස් කරන බැවින් ඒ පිළිබඳව අධ්‍යනය කර අවශ්‍ය තිරණ ගැනීම සඳහා අදාළ පාර්ශව ඇතුළත් කමිටුවක් පත්කිරීම. යන තීරණ පහට එළඹී ඇත.

Facebook
Twitter
LinkedIn