රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා බණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු තවත් රාජ්‍ය ආයතන පහක් ලබන සතියේ දී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ අතර හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව බණිජ තෙල් සංස්ථාවෙන් වාර්තාවක් කැඳවා තිබෙන අතර එම වාර්තාවද තව මාස දෙකකදී ගැනීමට නියමිතය.
හෙජින් ගිවිසුමට පාදක වු කරුණු, එහිදී ඇති වු එකඟතාවන් ඇතුළු විස්තර රැසක් මේ වාර්තාව මගින් ගැනීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.
කෝප් කමිටුව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, වෘත්තිය පුහුණු ආයතනය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යන ආයතනවල ප්‍රධානීන්ගෙන්ද පසුගිය සතියේ දී ප්‍රශ්න කෙරිණි.
ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවත් 2011 වසරේ පත් කර ඇති ආයතනික විමර්ශන කමිටු සහ විෂය මාලා විමර්ශන කමිටුවේ නිලධාරීන් කැඳවා ලබන 20වනදා සිට පරීක්ෂණ සිදු කිරීමට නියමිත ය.










