හිටපු පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා අද (13) පෙරවරුවේ බරපතල වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ ඔහු සම්බන්ධයෙන් බරපතල වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම වෙත ලැබී ඇති පැමිණිල්ලකට අනුව ආරම්භ කර ඇති විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදු කර ඇති කැඳවීමකට අනුව ය.
පසුගිය ජනාධිපතිවරන සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යපෘතිය වෙනුවෙන් රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 81ක මුදලක් ලබාදීම සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය සඳහා බලපත්‍ර ලබාදීම මගින් රජයට රුපියල් මිලියන 50ක ආදායමක් අහිමි කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී අත.
18









