හොර අත්සනට මහින්දත් බයවෙයි!

හොර අත්සනට මහින්දත් බයවෙයි!

බැඳුම්කර මංකොල්ලය පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් කළ 2016 දෙසැම්බර් 24වෙනි දින නිකුත් කළ ගැසට් පත්‍රයට මුදල් ඇමති වශයෙන් මහින්ද රාජපක්ෂගේ නම යෙදීමට විරුද්ධව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීම බලවත් සැකයට හේතු වී තිබේ.

මෙම වංචනික ක්‍රියාව හෙළදරව් වී අද (13) වනවිට දින 16ක් ගෙවී ගොස් තිබේ. මෙය හෙළි වූ විගස මහින්ද රාජපක්ෂ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ “මගේ අත්සන හොරට ගහලා. මම ඒකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්වා” යනුවෙනි. පසුව දින කිහිපයකින් පැවති මධ්‍ය හමුවකදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද පිලේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීති අංශ සමග සාකච්ඡා කරමින් සිටින බවය.

මේ අතර දේශපාලන විශ්ලේශකයන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කළ යුතුව තිබූ බවය. නමුත් මේ දක්වා ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

මේ පිළිබඳව පරීක්ෂන ඇරඹුවහොත් රාජපක්ෂ පාලන සමයේ නිකුත් කර තිබෙන මූල්‍ය ගැසට් නිවේදන රැසක නීතිවිරෝධී භාවය පිළිබඳ හෙළිවනු ඇතැයි ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn