මහින්දගේ ඡන්ද වැඩට මුදල් යෙදවූ කුමාර ගුණරත්නට නඩු

මහින්දගේ ඡන්ද වැඩට මුදල් යෙදවූ කුමාර ගුණරත්නට නඩු

මීගමු කලපු සංවර්ධනය සඳහා අයවැයෙන් වෙන් කර තිබු මුදල්වලින් රුපියල් කෝටියකට අධික මුදලක් පසුගිය ජනපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවසන් මැතිවරණ රැලිය පැවැත්වීමට යොදාගැනීම නිසා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මත හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

බරපතල වංචා සහ දුෂණ විමර්ශණ කොමිසම හමුවේ මුලින්ම මෙම තොරතුරු හෙළි වු අතර එහි නිර්දේශ මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව නිතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පණත යටතේ හා දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ මෙලෙස අධිචෝදනා ගොනු කොට ඇත.

Facebook
Twitter
LinkedIn