මුදලට වෛද්‍ය උපාධිය විකුණන සයිටම් ආයතයෙන් උපාධි අපෙක්ෂාවෙන් මුදල් ගෙවා වෛද්‍ය උපාධිය ලබාගැණීමට පැමිණි සිසු සිසුවියන්ගේ ප්‍රායෝගික අධ්‍යන කටයුතු සඳහා අවශ්‍ය ශික්ෂණ රෝහල ලෙස පවත්වාගෙන යාමට ආරම්භකළ වෛද්‍ය සභාවේ අනුමැතිය හිමි නොවූ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය රෝහලක් ලෙස පිළිගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය හා නෙවිල් ප්‍රනාන්දු රෝහල් පාලනාධිකාරිය අතර ඇති වූ පූර්ව එකඟතාවයකට අනුව මෙම තීරණයට එළඹ ඇතැයිද පැවසේ.
රජයටත් එම රෝහල් පාලනාධිකාරියටත් අයිතිය හිමිවනසේ එම රෝහල පාලනය කිරීම සඳහා ගිවිසුමකට එළැඹීම තවත් මාස කිහිපයක් ඇතුළතදී සිදුකිරීමට නියමිත බවද පැවසේ.
1









