මාධ්‍යවේදියාට එරෙහිව කර ඇත්තේ බොරු පැමිණිල්ලක්

මාධ්‍යවේදියාට එරෙහිව කර ඇත්තේ බොරු පැමිණිල්ලක්

දඹුල්ල රෝහලේ නේවාසික ගර්භනී මවුවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට මුහුණදීමට සිදුව තිබෙන පීඩාකාරී තත්වයන් පිළිබඳ වාර්තා කළ මාධ්‍යවේදි කාංචන කුමාර ආරියදාස මහතාට එරෙහිව එම රෝහලේ වෛද්‍යවරයකු විසින් සිදු කර ඇත්තේ ව්‍යාජ පැමිණිල්ලක් බව මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය පවසයි.

මේ නිසා ඔහුගේ මාධ්‍ය ක‍්‍රියාකාරීත්වයට බාධා  සිදුවෙන බවත් නිදහස් වාර්තාකරණයට බාධා කෙරෙන එවැනි ක්‍රියාවන් පිළිබඳව නොපමාව පරීක්ෂණ පැවැත්වීම පොලිසිය වගකීමක් බවත් එම සම්මේලනය පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම්දී ඇත.

ජනතාවට වැදගත් තොරතුරු නිවැරැදිව වාර්තා කරන වෘත්තීය ජනමාධ්‍යවෙදීන්ගේ ගෞරවය හා ආරක්‍ෂාව සැළසීමට නොපමාව පියවර ගන්නා ලෙසද එම සම්මේලනය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

මේ අතර ඊයේ (11) දඹුල්ලේදී පැවති සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වූ අතර එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ මාධ්‍යවේදියාගේ කාර්යය භාර්යය රටට සමාජයට තොරතුරු හෙළිදරව් කිරීම බවත් දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස මහතාද සිය කර්තව්‍යය නිවැරදි ලෙසම ඉටු කර ඇති බවත් ඔහුගේ මාධ්‍ය භාවිතාවයට එරෙහිව ගෙනා පැමිණිල්ල භාරගැනීම පවා වැරදි ක්‍රියාවක් බවත් ඒ මහාතා අවධාරණය රකයි.

Facebook
Twitter
LinkedIn