ජවිපෙට එරෙහි පුවත අවලාදයක් බව “දිවයින” පිලිගනියි

2016 මැයි මස 08 වැනි දින “දිවයින ඉරිදා සංග්‍රහය” පුවත්පත මගින් ජනතා විමුක්ති පෙරමුණ ඉලක්කකර ගණිමින් අසත්‍ය පුවතක් හා අසත්‍ය කරුණු පදනම් කරගනිමින් ලිපියක් පල කළ බවට පුවත්පත් මණ්‌ඩලය හමුවේ “දිවයින ඉරිදා සංග්‍රහය” පුවත්පත පිළිගෙන ඇති අතර ඒ බව සඳහන් කරමින් ඔවුන් දිවයින පුවත්පතේ ප්‍රවෘත්තීයක්ද පල කර තිබේ.

එහි සඳහන් වැකිය මෙසේ උපුටාදක්වමු.

“නිවැරදි කිරීමයි 

2016 මැයි මස 08 වැනි දින “දිවයින ඉරිදා සංග්‍රහයේ” පළමු පිටුවේ ප්‍රධාන සිරස්‌තලයේ පළවූ ජවිපෙ මීළඟ නායකයා ටිල්වින්ද, ලාල්කාන්ත ද යන සිරස්‌තලයත්, එහි 02 වැනි පිටුවේ පළවූ එම පුවතත් එහිම 14 වැනි පිටුවේ පළමු පිටුවේ සිරස්‌තලය ද සම්බන්ධ කර ගනිමින් සම්පූර්ණ පිටුවක්‌ පුරා “අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටළුණු වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස” යන තේමාවෙන් විශේෂ ලියුම්කරුවකුගේ වගකීමෙන් පළවී තිබූ ලිපි අසත්‍ය සේ පිළිගනිමින් පුවත්පත් මණ්‌ඩලය හමුවේ එළඹුණු සමථකරණය අනුව ජනතා විමුක්‌ති පෙරමුණ වෙත යම් සිත්තැවුලක්‌ සිදුවූයේ නම් උපාලි පුවත්පත් සමාගම සිය කනගාටුව පළ කරයි.”

Facebook
Twitter
LinkedIn