උදයංග අරාබියට පැනලා – FCIDය අධිකරණයට දන්වයි

Image result for udayanga weeratungaමිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවකු වන රාජපක්ෂ පාලන සමයේ රුසියානු තානාපතිවරයකු ව සිටි උදයංග වීරතුංග යුක්රේනයෙන් පිටත්ව ගොස් ඇති බවටත් දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින බවටත් ජාත්‍යන්තර පොලිසිය හරහා සිදු කළ විමර්ශන මඟින් අනාවරණය කැර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඊයේ (27) කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට දැනුම් දී තිබේ.

සැකකරු සම්බන්ධ විමර්ශන සිදු කිරීමට මේ වනවිටත් නිලධාරියෙන් අමෙරිකාව වෙත පිටත්ව ගොස් ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය විමර්ශන දිගටම ක්‍රියාත්මක කැර ඇති බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ ජාත්‍යන්තර වරෙන්තුව ක්‍රියාත්මක කැර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉකුත් නොවැම්බර් 25 වැනිදා කොටුව මහේස්ත්‍රාත්වරිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝග කළ අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල ප්‍රගතිය එම නිලධාරින් මහේස්ත්‍රත්වරිය හමුවෙ ප්‍රකාශ කරමින් එම දැනුම්දීම සිදු කර තිබේ. 

මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇත්නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අධිකරනයට වාර්තා කරන ලෙසටද මහේස්ත්‍රත්වරිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn