ඉන්ධන නලයක කාන්දුවක්

Image result for ඉන්ධනකොළඹ වරායේ සිට කොළොන්නාව ඉන්ධන ගබඩා සංකීර්ණය දක්වා ඉන්ධන ගෙනයන නලයක කාන්දුවක් ඇතිවී තිබෙන බව වාර්තාවේ.

එවැනි කාන්දුවීමේ තත්වයක් උද්ගතව ඇති බවත් මේ වනවිට එය යථා තත්ත්වයට පත් කරමින් සිටින බවත් ඛණිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

අද (28) පෙරවරුවේ ඉන්ධන ගෙනයන නල හතරෙන් එක් නලයක මෙම කාන්දුව හටගෙන ඇති අතර වරාය තුළදීම අදාළ නලයේ කාන්දුව හටගෙන ඇති බැවින් මුහුදු ජලය හා තෙල් මිශ්‍රවීමේ අවධානම වැලැක්වීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ. 

කෙසේවෙතත් ඉන්ධන පොම්ප කිරීම මේ වනවිට තාවකාලිකව නවතා ඇත.

Facebook
Twitter
LinkedIn