අඹතලේ නව පිරිපහදුව ඉදිකිරීමේදී මගඩියක්

Image may contain: 1 personරුපියල් බිලියන 25ක පමණ වියදමින් අලුතෙන් පිහිටුවනු ලබන අඹතලේ ජල පිරිපහදුව සඳහා නියමිත මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් විදේශ ඉදිකිරීම් ආයතනයකට ණය ලබා දී ඇති බව ලසම්පාදන හා ජලාපවහන මණ්ඩල සේවක සංගමය අනාවරණය කරයි.

අඹතලේ දකුණු ඉවුර ව්‍යාපෘතියෙන් දෙවැනි පියවර සඳහා මෙම ණය ලබාදී ඇත.

ව්‍යාපෘතියකට යන මුළු වියදමින් 75%ක් විදේශ ආයතනයක් දරනු ලබන්නේ නම් ඉතිරි 25%ක මුදල රජයෙන් ලබාදී ටෙන්ඩර් කැඳවීමකින් තොරව ව්‍යාපෘතිය බාරදීම සාමාන්‍ය සම්ප්‍රදාය වෙයි.

එහෙත් 75%ක මූල්‍ය ප්‍රමාණය වෙනුවට 54%ක මුදල් යෙදවුමක් මත නීති විරෝධී ලෙසින් මෙම ඉදිකිරීම් ව්‍යාපෘතිය ප්‍රංශයේ ඇග්‍රිකෝලා ආයතනයට බාරදී ඇත.

එහිදී ලංකා ආණ්ඩුව වැය කිරිමට නියමිතව ඇති 25% මුදල් ප්‍රමාණය 46% දක්වා වැඩි වී ඇති අතර ඒ සඳහා අවශ්‍ය මුදල් පෞද්ගලික බැංකුවකින් ඩොලර්වලින් ණයට දී ඇති බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල සේවක සංගමයේ සභාපති ඉංජිනේරු උපාලි රත්නායක මහතා කීය.

ශ්‍රී ලංකාව තුළ ඩොලර්වලින් ණය දීමේ ක්‍රමයක් මුළුමනින්ම මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීමක් වන බවද රත්නායක මහතා කීය. 

ටෙන්ඩර් කැඳවීමකින් තොරව කරනු ලබන ව්‍යාපෘති සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේදයද නොසලකා හරිමින් බිලියන 25ක පමණ මුදලක් වැය කර මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම පිළිබඳව ජනාධිපති, අගමැති ඇතුළු වගකිව යුතු සෑම අංශයකටම දැනුම් දුන්නත් මෙතෙක් පියවරක් ගෙන නොමැති බවද උපාලි රත්නායක මහතා කීය.

Facebook
Twitter
LinkedIn