හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් ගම්පහ ඔරුතොට පාරේ ඉඩමට අදාළ නඩුවට මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව එම නඩුව ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ ඉදිරියේ ඊයේ (27) විභාගයට ගැණුනු අවස්ථාවේදීවාර්තා වේ අනාවරණ වී තිබේ.
ඒ අනුව ලබන මැයි මස 5දා දක්වා නඩුව කල් දැමීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත.
2016 වසරේ ජූලි මස 15දා නීතිපතිවරයා වෙත අදාළ නඩුවේ උදෘත යොමු කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
බැසිල් රාජපක්ෂ මහතා මේ තවමත් පසුවන්නේ විදේශගතව ඇමරිකා එක්සත් ජනපදයේය.
7









