සජින් වාස්ගේ නඩුවත් විභාගයට

Related imageහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, විදේශකටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මිගින් ගොනු කළ නඩුවක් මැයි මස 03 වැනි දා විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (27) තීරණය කර ඇත.

මිහින් ලංකා ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ සමයේ සිංගප්පූරු සමාගමකින් උපකරණ මිලදී ගැනීමට රුපියල් මිලියන 883ක ගිවිසුමකට අනීතිකව එළැඹීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබේ. 

මෙම චෝදනා අද අධිකරණයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට කියවා දී ඇත.

Facebook
Twitter
LinkedIn