රුපියල් 30ක් බලට ඉහළ දැමූ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පතක මිල අද (27) සිට සයළි රුපියල් 20ක් වන බව ජාතික ලොතරැයි මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ටිකට්පතක මිල අඩු කිරිමේ තීරණය ගන්නාවිට ටිකට් පත් මිලියන 15ක් පමණ දිවයින පුරා බෙදා හැර ඇති බැවින් සහ පාරිභෝගිකයන් ටිකට්පත් මිලදීගෙන ඇති බැවින් නැවත එම ටිකට් පත් කැඳවීමට නොහැකි බවත් මිල ගණන් දෙකකින් එකම ටිකට් පත විකිණීමේ බාධාවක් ඇති බවත් ජාතික ලොතරැයි මණ්ඩල අවධාරණය කරයි.
තවද මෙම තීරණය පිළිබඳව ලොතරැයි අලෙවි නියෝජිතයන් සමඟද සාකච්ඡා කොට එකඟකාවයකට පැමිණ ඇති බවත් පෙබරවාරි පළමුවනදා සිට දිනුම් අදින ටිකට් පත් මෙලෙස නැවත රුපියල් 20ක් වන බව එම මණ්ඩලය සඳහන් කරයි.
2









