දූ විකුණා හොරට ඇප ගත් විමල්ගේ ගෝලයා නැවතත් රිමාන්ඩ්

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී විමල් වීරවංසගේ ගෝලයකු වන වයඹ පළාත් සභා මන්ත්‍රී සේනාරත්නද සිල්වා නැවතත් ලබන මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සේනාරත්නද සිල්වාගේ බිරිඳ ඔහු වෙනුවෙන් ඇප ලබා ගෙන ඇත්තේ දියණිය විවාහ වන බවට අධිකරණයට තොරතුරු ඉදිරිපත් කරමිනි. එහෙත් පසුව සිදුකළ විමර්නවලදී අනාවරණය වී ඇත්තේ ඇප අයදුමේ සඳහන් කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය හා ව්‍යාජ ඒවා බවත් සැකකරුගේ දියණිය විවාහ වී නොමැති බවත්ය.

සැකකරුගේ දියණිය විවාහ වන දිනය ලෙස සඳහන් කර ඇත්තේ 2017 ජනවාරි මස 6 වැනි දිනය. ව්‍යාජ හා අසත්‍ය තොරතුර දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමේ චෝදනාවට සැකකරුගේ බිරිඳට එරෙහිවද නීතිමය පියවර ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කොම්පඤ්ඤවීදිය පොලිසියට නියෝග කර තිබේ.

කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින වීරවංස හිටපු ඇමතිවරයාට එල්ල වි තිබෙන අතර ඔහුද පසුගියදා ඇප ලබා ගැනීමට අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ සිය දියණියගේ මානසික මට්ටම සලකා බලා ඇප ලබා දෙන ලෙසය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්