වරාය විකිණීමට එරෙහිව පෙබ. 01 දැවැන්ත විරෝධතාවයක්

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට අදාල වැදගත් තොරතුරු රාශියක් මේ වනවිට හෙළි වී තිබෙන බවත් ආණ්ඩුව රටේ මහජනතාවට හොරෙන් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට අදාල ගිවිසුම අත්සන් කර ඇති බවත් එම නිසා රටට ලැබෙමින් තිබූ විශාල ආදායමක් අහිමි වන බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, අන්තර් සමාගම් සේවක සංගමය, වරාය පොදු සේවක සමිතිය ප්‍රමුඛ වෘත්තීය සමිති රැසකගේ සහභාගිත්වයෙන් පසුගියදා 25වනදා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී (CSR) පැවැත්වි මාධ්‍ය හමුවේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී ලාල්කාන්ත මහතා පැවසීය.

මෙම ජාතික අපරාධයට එරෙහිව වරාය සේවකයන් සහ අනෙකුත් වෘත්තීය සමිති සහභාගිත්වයෙන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඒ අනුව පෙබරවාරි 01 දින වෘත්තීය සමිතිවල මූලිකත්වයෙන් විරෝධතා පාගමණක් පවත්වන බවත් එහිදී අනාවරණය කෙරිණි. 

එයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා, සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා, ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා ඇතුලු වෘත්තීය සමිති නායකයින් පිරිසක් සහභාගී වී සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්