නාවික හමුදා නිලධාරියා යළි රක්ෂිත බන්ධනාගාරයට

Image result for court in sri lankaපුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිසර නාවික හමුදා කඳවුරේ එවකට බුද්ධි අංශ බාර නිලධරයාව සිටි ධම්මික අනිල් මාපා මහතාව ලබන පෙබරවාරි 09 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කර තිබේ. 

පක්කිලිසාමි යෝගනාදන් හා රත්නසාමි ප්‍රේමනානන්දන් යන දෙදෙනා 2009 දී පැහැරගෙන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන නඩුවේදී මෙම තීන්දුව ලැබුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමක් අනුව එම සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටද අධිකරණය අවසර ලබා දී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්