රතන හමියෝ ස්වාධීන වෙනවානම් මන්ත්‍රී ධුරය අත්හැරිය යුතුයි

අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී හිමිනමක් ලෙස කටයුතු කරන්නේ නම් පාර්ලිමේන්තුවේ නොසිට උන් වහන්සේ වහාම මන්ත්‍රී ධූරයෙන් ඉවත්විය යුතු බව ජාතික හෙළ උරුමය පක්ෂය ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකශ කර තිබේ.

මෙම අවස්ථාව ස‍ඳහා ජාතික හෙළ උරුමයේ සමසභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, මධ්‍යම කාරක සභික සූරියවැවේ සුමේධ හිමි, ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නියෝජ්‍ය මහලේකම් කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් ඇතුළු පිරිරක් සහභාගී ඇත.

එහිදී ඇදහස් දැක්වූ සමසභාපති පූජ්‍ය හැඩිගල්ලේ  විමලසාර හිමි….

අප හිතවත් අතුරලියේ රතන හිමියන් වර්තමානයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට පත්ව තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ ඡන්දවලින් ලැබුනු ජාතික ලැයිස්තුවට අනුව ජාතික හෙළ උරුමය නියෝජනය කරමිනුයි. පෞද්ගලිකව ස්වාධීන වීමට උන්වහන්සේට ඇති අයිතිය අපත් පිළිගන්නවා. නමුත් මේ මන්ත්‍රීධූරය උන්වහන්සේට හිමිවුනේ පෞද්ගලිකව නෙවෙයි. අප පක්ෂයක් ලෙස එක්සත් ජාතික පෙරමුණ සමඟ ඇතිකරගත් ගිවිසුමට අනුව ජාතික හෙළ උරුමයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවුනා. එම මන්ත්‍රී ධුරයට රතන හිමියන්ව පත්කරනු ලැබුවේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවයි.  2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පැවති ප්‍රථම මධ්‍යම කාරක සභාව විසින් ඒ තීන්දුව ගැනීමට පෙර යම් දිනක පක්ෂයේ ප්‍රතිපත්ති හෝ තීරණවලට පරිබාහිරව කටයුතු කරනවා නම් ඊට මත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව කටයුතු කරන බවට උන්වහන්සේ පොරොන්දු වුනා. 

රතන හිමියන් විසින් ලබාදුන් ඒ පොරොන්දුව ප්‍රකාරව උන්වහන්සේ දැනට නියෝජනය කරන මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය යුතු බවට පසුගිය දා රැස්වූ ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව තීරණය කළා. ඒ අනුව ඒ තීරණය ලිඛිතව උන්වහන්සේ වෙත දන්වා යැවීමටත් තීරණය වුනා. ඒ නිසා යුක්තිගරුක සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින බව නිතර ප්‍රකාශ කරන අතුරලියේ රතන හිමියන් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී යුක්තිගරුක භාවය සහා සාධාරණත්වය උන්වහන්සේගේ භාවිතාවෙන්ම පෙන්නුම් කරයි කියලා අප විශ්වාස කරනවා.  

මා පෙර සඳහන් කළ පරිදි රතන හිමියන්ට මන්ත්‍රීධූරය හිමිවූයේ එක්සත් ජාතික පෙරමුණ දිනවීමට ඡන්දය දුන් ජනතාව නිසායි. ඒ නිසා එලෙස ඡන්දය දුන් ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකිරීමේ වගකීමෙන් හා යුතුකමින් බැහැරවෙනවා නම් උන්වහන්සයේ ප්‍රථමයෙන්ම මන්ත්‍රීධුරයෙන් ඉවත් වියයුතුයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්