අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්

ඇප කොන්දේසි කඩ කළැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පෙබරවාරි හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
 
උද්ඝෝෂණවලට සහභාගී විය නොහැකි බව කියමින් ඔහුට ඇප කොන්දේසි පනවා තිබුනු අතර  එම ඇප කොන්දේසිය කඩ කරමින් ඔහු උද්ඝෝෂණයකට සහභාගී වීයැයි පොලිසිය අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ. 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්